දැනට ඇදුම රෝගය නිට්ටාවට සුව කල නොහැක. නමුත් ප්‍රතිකාර ක්‍රම මගින් මෙම රෝග ලක්ෂණ පාලනය කර ගත හැක. එම නිසා ඔබට සාමාන්‍ය ක්‍රියාකාරී ජීවිතයක් ගත කිරීමට පුළුවන. ඉන්හේලර්ස් - මේවා ඔබ ඖෂධ ආශ්වාස කිරීම සඳහා පාවිච්චි කරන උපකරණ වේ.-මෙය ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වේ. ඔබේ ඇදුම රෝගය උග්‍ර නම් පෙති සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම ද අවශ්‍ය විය හැක. සාමාන්‍යයෙන් ඔබේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙදියක් සමග පෞද්ගලික ක්‍රියාකාරී සැලැස්මක් සාදාගත හැකිය. ඔබේ ඖෂධ ගැන තොරතුරු, ඔබේ තත්වය අධීක්ෂණය සහ ඔබට ඇදුම ප්‍රහාරය ඇති නම් කළ යුතු දේ ඇතුලත් වේ.

ඉන්හේලර්ස්

ඉන්හේලර්ස් උපකාර වනුයේ:

  • රෝග ලක්ෂණ ඇති වූ විට ඒවා සමනය කිරීම සඳහා (රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය)
  • රෝග ලක්ෂණ වර්ධනයවීම වැලක්වීමට (දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය)

සමහර අයට මේ දෙවර්ගයේම ඉන්හේලර්ස් අවශ්‍ය වේ (ඉන්හේලර් වල එකතුවක්). රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය- බොහෝ ඇදුම රෝගීන්ට මෙම rරෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය දෙනු ලැබේ. මේවා සාමාන්‍යයෙන් නිල් පාටයි. ඔබේ ඇදුම රෝග ලක්ෂණ ඇති වූ විට එය පාලනය කිරීම සඳහා ඔබ රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය භාවිත කරනවා. එමගින් විනාඩි කීපයකින් ඔබගේ රෝග ලක්ෂණ අඩු කරණු ඇත. ඔබට ඔබගේ රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය සතියට තුන් පාරක් හෝ ඊට වඩා පාවිච්චි කිරීමට වුවහොත් එය ඔබගේ වෛද්‍යවරයාට හෝ ඇදුම හෙද නිලධාරියාට දැනුම් දෙන්න. ඔවුන් ඔබට දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය වැනි අතිරේක ප්‍රතිකාර ක්‍රම යෝජනා කල හැක. රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය ඉන්හේලර්ස් භාවිතා කිරීමෙන් අතුරු අබාධ ස්වල්පයක් ඇතිවිය හැක, නමුත් සමහර විට ඒවා භාවිතා කිරීමෙන් පසු විනාඩි කිහිපයක් වෙව්ලීම හෝ වේගවත් හද ගැස්මක් ඇතිවිය හැක.

දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය ඉන්හේලර් ඔබට බොහෝ විට දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය ඉන්හේලර් භාවිතා කිරීමට අවශ්‍යවේ නම් දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය ඉන්හේලර් ද අවශ්‍ය විය හැක. වාතය ගමන් කරන මාර්ග වල දැවිල්ල සහ සංවේදීතාවය අඩු කිරීම සඳහා ඔබ දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය දිනපතා පාවිච්චි කරනු ලැබේ. මෙමගින් ඔබට ඇදුම රෝග ලක්ෂණ ඇතිවීම වැළකේ. ඔබට රෝග ලක්ෂණ නොමැති අවස්ථාවලදීද එය භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ. ඔබ දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය භාවිතා කරද්දීත් ඔබට රෝග ලක්ෂණ දිගටම පවතී නම්, ඔබ ඔබගේ වෛද්‍යවරයා හෝ ඇදුම හෙද නිලධාරී හමුවන්න. දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය වල ස්ටෙරොයිඩ් (Steroid) ඖෂධ අඩංගුවේ. මේවා පාවිච්චි කිරීමෙන් අතුරු අබාධ ඇති නොවුවත් සමහර විට හේතුවක් විය හැකිය:

  • මුඛයේ හෝ උගුරේ ඇතිවන දිලීර අසාධන (Oral thrush)
  • උගුර බැරැන්ඩි වීම
  • උගුරේ අමාරුව

මෙම අතුරු අබාධ වලින් වැලකීමට ඔබට ස්පේසර් (Spacer) නමැති හිස් ප්ලාස්ටික් ටියුබයක් භාවිතා කල හැක. මෙම ස්පේසර් නමැති උපකරණය ඔබගේ ඉන්හේලරයට සම්බන්ධ කරගන්න. ඒ වගේම ඔබගේ ඉන්හේලර්ස් භාවිතා කිරීමෙන් පසු ඔබගේ මුඛය සේදීම හෝ දත් මැදීම. ඉන්හේලර් වල එකතුවක් - රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරය ඉන්හේලර් හෝ දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය ඉන්හේලර් දෙකම භාවිතා කිරීමෙන් ඔබගේ රෝග ලක්ෂණ පාලනය නොවන්නේ නම් ඔබට මේ ඉන්හේලර් දෙවර්ගයේම එකතුවක් අවශ්‍ය විය හැක. ඇදුම රෝග ලක්ෂණ නැවත ඇතිවීම හා ඒවා දීර්ඝ කාලීනව මැඩ පවත්වා ගැනීමට උපකාරී වීම සඳහා ඉන්හේලර් වල එකතුවක් දිනපතා පාවිච්චි කරනු ලැබේ. ඔබට රෝග ලක්ෂණ නොමැති අවස්ථාවලදීද එය භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ. ඉන්හේලර් වල එකතුවක් භාවිතා කිරීමෙන් ඇතිවන අතුරු අබාධ ද රෝග ලක්ෂණ අඩු කරන කොලපාට ඉන්හේලරයහෝ දිනපතා ලබාගන්නා දුඹුරු පාට ඉන්හේලරය භාවිතා කිරීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ වලට සමාන වේ.

බෙහෙත් පෙති

ඉන්හේලර් පාවිච්චි කිරීම පමණක් ඔබගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාරී නොවන්නේ නම් මේ සඳහා ඔබට බෙහෙත් පෙති වර්ග ද ලබා ගැනීමට සිදුවිය හැක. LTRA ඇදුම රෝගය සඳහා ලබාදෙන ප්‍රධානතම ඖෂධ වර්ගය වනුයේ LTRAs ය. මේවා සිරප් සහ කුඩු ආකාරයෙන්ද ලබා ගත හැක. ඔබේ රෝග ලක්ෂණ නැවැත්වීමට උපකාර කිරීම සඳහා ඔබ ඒවා දිනපතා ලබා ගන්න. උදරයේ වේදනාව සහ හිසේ කැක්කුම මෙමගින් ඇති විය හැකි අතුරු අබාධ වේ. තියෝෆයිලින් (Theophylline) අනිත් ප්‍රතිකාර ක්‍රම ඔබගේ ඇදුම රෝග ලක්ෂණ පාලනයට උදව් නොවන්නේ නම් තියෝෆයිලින් යන ඖෂධ වර්ගය ද නිර්දේශ කල හැක. ඔබේ රෝග ලක්ෂණ ඇතිවීම නැවැත්වීම සඳහා ඒවා දිනපතා ලබා ගන්න. වමනය සහ හිසේ කැක්කුම මෙමගින් ඇති විය හැකි අතුරු අබාධ වේ. ස්ටෙරොයිඩ් ඖෂධ අනිත් ප්‍රතිකාර ක්‍රම ඔබගේ ඇදුම රෝග ලක්ෂණ පාලනයට උදව් නොවන්නේ නම් ස්ටෙරොයිඩ් ඖෂධ වර්ගද නිර්දේශ කල හැක. එසේත් නැති නම් මේවා ගත හැකිය:

  • ඇදුම ප්‍රහාරය ඇති විට ක්ෂණිකව ප්‍රතිකාර කිරීම සඳහා
  • රෝග ලක්ෂණ වළක්වා ගැනීමට දිගුකාලීන ප්‍රතිකාරයක් ලෙස සෑම දිනකම ඉතා උග්‍ර ඇදුම හා ඉන්හේලර්ස් ඔබේ රෝග ලක්ෂණ පාලනය නොකරයි නම්- මෙය සාමාන්‍යයෙන් අවශ්‍ය වේ

දිගුකාලීන හෝ නිතරම ස්ටෙරොයිඩ් ඖෂධ භාවිතය ඇතැම් විට අතුරු ආබාධ ඇති විය හැක:

  • ආහාර රුචිය වැඩිවීම, බර වැඩි වීම
  • පහසුවෙන් තැල්මක් ඇතිවීම
  • මානසික වෙනස්කම් ඇතිවීම
  • බිඳෙන සුලු ඇටකටු (ඔස්ටියෝපොරෝසිස්)
  • අධි රුධිර පීඩනය

ඔබ ස්ටෙරොයිඩ් ඖෂධ ගන්නා විට ඕනෑම ගැටලුවක සලකුණු පරීක්ෂා කිරීම සඳහා නිතිතා ඔබව නිරීක්ෂණය කරනු ඇත.

වෙනත් ප්‍රතිකාර

එන්නත් හෝ ශල්‍යකර්ම වැනි වෙනත් ප්‍රතිකාර ක්‍රම ද ඉතා කලාතුරකින් අවශ්‍ය වේ., නමුත් ඔබගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට වෙනත් ප්‍රතිකාර ක්‍රම උපකාරී නොවන්නේ නම් එය නිර්දේශ කළ හැක. එන්නත් බරපතළ ඇදුම සහිත සමහර අයට සති කිහිපයකට වරක් එන්නත් කිරීමෙන් රෝග ලක්ෂණ පාලනය කළ හැකිය. ඇදුම රෝගය සඳහා ප්‍රධාන එන්නත් වනුයේ,:

  • omalizumab (Xolair)
  • mepolizumab (Nucala)
  • reslizumab (Cinqaero)

මෙම ඖෂධ සියළුම ඇදුම රෝගීන් සඳහා සුදුසු නොවන අතර, ඇදුම රෝග විශේෂඥයකු විසින් නිර්දේශ කළ යුතුය. ප්‍රධාන අතුරු අබාධය වනුයේ, එන්නත දෙනු ලබන ස්ථානයේ ඇති වන අපහසුතා. සැත්කම් උග්‍ර ඇදුම රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසබ්‍රොන්කියල් තර්මොප්ලාස්ටි (Bronchial thermoplasty) යන ක්‍රියා පටිපාටිය බොහෝ කලාතුරකින් භාවිතා කරනු ලැබේ. එය ඔබගේ උගුර සහ පෙණහල්ලට සිහින්, සැහැල්ලු නලයක් ඇතුළු කිරීමයි. ඊට පසුව වාතය ගමන් කරන මාර්ග වටේට ඇති මාංශ පේශි මතට තාපය භාවිත කර, ඒවා කුඩා වීම සහ එමගින් ඇදුම රෝගයට හේතුවන රෝග ලක්ෂණ ඇතිවීම වලක්වයි. මෙමගින් ඇදුම ප්‍රහාර අඩුවිය හැකි බවට සමහර සාක්ෂි ඇතත් මෙය සාපේක්ෂව අලුත් ප්‍රතිකාරයක් බැවින් දිඟු කාලීන බලපෑම් තවමත් සම්පූර්ණයෙන් වටහා ගෙන නොමැත. ** අනුපූරක ප්‍රතිකාර - ඇදුම සඳහා හැකි ප්‍රතිකාර ක්‍රම ලෙස අනුපූරක ප්‍රතිකාර කිහිපයක් යෝජනා කර ඇත:

  • හුස්ම ගැනීමේ අභ්‍යාස
  • සාම්ප්‍රධායික චීන ශාකමය ඖෂධ
  • චීන කටු චිකිත්සාව
  • හෝමියෝපති
  • අතිරේක ආහාර

මෙම ප්‍රතිකාර බොහොමයක් උපකාරි වන බවට යෝජනා කරන සුළු සාක්ෂි තිබේ. හුස්ම ගැනීමේ ව්‍යායාම රෝග ලක්ෂණ අඩුකරන බවට සාක්ෂි තිබුනත් ඔබ ප්‍රතිකාර දිගටම ගත යුතුය.

වැඩ කිරීම් ආශ්‍රිත ඇදුම

ඔබේ ඇදුම ඔබේ රැකියාව සමඟ බැඳී ඇති ඇදුම ඇති බව පෙනෙන්නට තිබේ නම්, රෝග විනිශ්චය තහවුරු කිරීමට විශේෂඥයෙකු වෙත යොමු කරනු ලැබේ. ඔබේ සේවායෝජකයාට වෘත්තීය සෞඛ්ය සේවාවක් තිබේ නම් ඔවුන්ද, ඔබේ සෞඛ්ය හා ආරක්ෂක නිලධාරියා ද දැනුවත් කළ යුතුය. වෘත්තීය ඇදුම හේතුන්ගෙන් ඔබ ආරක්ෂා කිරීමට ඔබේ සේවායෝජකයාට වගකීමක් ඇත. ඇතැම් අවස්ථාවලදී එය විය හැකි ය:

  • ඔබගේ රැකියා කරන ස්ථානයේ තිබෙන ඇදුම රෝගය වැඩිකරන ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ ආදේශක භාවිතා කරන්න
  • සමාගම තුලම වෙනත් කාර්යයක් සඳහා යොමුවන්න.
  • ආරක්ෂිත ශ්වසන උපකරණ ලබා දීම